Welcome to our website !

කැම්පස් එකට බත් විකුණු සමාදීගේ කථාව

By 8:26 PM

කැම්පස් එකට බත් විකුණු සමාදීගේ කථාව 
මේක කෙටි කතාවක්. කියවල හොදයිද කියල යන්න......😊😊😊😊😊😍😍
******-
ඇය මට පලමු වරට මුන ගැසුනේ අහම්බෙනි.එදා සිකුරාදා දිනයක් වූ බැවින් බොහෝ විශ්ව විද්‍යාල සිසුන් නිවස බලා යන දිනයක් විය.. මටද නිවසට යාමට අවශ්‍ය වුවත් මා නොයා උන්නේ මගේ හොදම යහලුවෙකුගේ රාජකාරියකට ඔහු සමග පසු දින පැමිනීමට පොරොන්දු වූ බැවිනි.දහවල් මා ඕපන් කැන්ටිමට නොයා එලියට පැමිනියේ මගින් මොනවා හෝ දෙයක් ගන්නා බලපොරොත්තුවෙනි... 

බෝඩිම තිබූයේ විජේරාම දක්වා යන පාරේ බැවින් මා සිතූයේ හට් එකකින් බත් එකක් ගන්නටය.. 

නිතරම එහි තිබූයේ කෑම හට් තුනකි ..

පුටුවක් තබා කෑම අලෙවි කරන පුද්ගලයා අසුන්ගෙන සිටී.මම පිටින් කෑම ගන්නවානම් කඩයකට නොයා හට් කකෛන් ගන්නේ හට් වල සිටින්නන් අවුවේ දාඩිය පිස දමමිනු දැක මා සන්වේදී වන බැවීනි. එයට ප්‍රදානම හේතුව මට එම අය දකින විට අම්මාව මතක් වීම විය හැක. මා සාමන්‍ය පෙල කරන තෙක්ම අම්ම කලේද විවිද රසකැවිලි සාදාගෙන කූඩයක දමාගෙන කඩවල් වලට දැමීමයි.. 

මට අම්මා විදි දුක සිහි වීම හා ඒ සමගම ඇති වන සියුම් වේදනාව නිතරම මා හට් එකක් වෙත යාමට බල කරයි.. නමුත් කෑම වල තත්වය න්ම් බොහෝ විට හොද වන්නේ නැත.

එදා එහි හට් තුන තිබූ අතර ටිකක් දුරින් වන්නට වූයේ ලොකු ඇන්කර් පෙට්ටියක් අනෙක් පස නමා බත් පාර්සල් කීපයක් තබගෙන අවුවේම සිටින තරුනියකි. තරුනියක් යැයි කීවේ එම වයසක අයෙක් කෙදිනකවත් මේසේ සිට නැති බැවිනි..

කුතුහලය මා එදෙසෙට යමු කෙරූ අතර ඇගේ දහඩිය දමා තිබූ වයසට ව්ඩා වෙහෙසට පත් මුව යාන්තම් සිනහවකින් ඔප වත් විය.. මට සත්තකට සිහිඋනේ අම්මායි.

"බත් එකක් දෙන්න" 

ඕ නිහඩවම පාර්සලයක් රැගෙන මා අත තැබුවේ සිනා පිරි මුවෙනි.

කීයද?මා ඇසුවේ ඇය මිල ගැසූ බෝඩ් කැබැල්ලක් වත් ලග නොතබාගෙන සිටි බැවිනි. 

"හැටයි"

ඒ හඩ යටහත් පහත් හඩකි. ඔතරම් මිනිසුන්ට බැගෑපත් වන්නට එපා කියන්නට සිතිනි. නමුත් ඇගේ ඊලග වචනයෙන් මගේ කට වැසුනි.

"බොහොම පින්"

මා කිසිත් නොපවසා සිනාසී පැමිනියෙමි..

බෝඩිමට පැමින බත් එක ලෙහත්දීය මා දෙවන වර ඈ නිසා පුදුමයට පත් වූයේ.. එහි සුවද අම්මගේ බත් මට සිහි කරලීය. . අඹ මාලුවක් හිදෙන්නට සාද තිබූ පරිප්පු මාලුවක්.තැම්බූ බිත්තරයක් හා මාලු මිරිස් සමග ලූනු බැදුමක් එහි විය.මිල හැටක් වුවද අපි උගන්නා ලෙස වටිනාකම නම් මිල කල නොහැකි ය

"මොනාද බන් ඒ සුවද?"

කාමරයේ දොර ඇරගෙන පැමිනි වස්ති පවසන විට මා එය කා විනාදි දහයකටත් වඩා ගොස් තිබිනි.. මා විස්තරය ඔහුට කී පසු ඔහු කීයේ බිස්නස් අල්ල ගන්න කම් ගෑනුන්ගෙ මායම් ඔහොම බවය. එය විස්වස කරන්නට හිත නොනැමුනේ අම්මාව මම ඒ මුහුනෙනෙන්ද දුටු බැවිනි..
***
සතිඅන්තයේ මිතුරා සමග රස්තියාදු වූ මා.. සදුදා සිට නැවත වැඩ ඇරබිය යුතුව තිබිනි. සිව් වන වසරේ බොහෝ අය තව මාස දෙකකින් පමන සිට ඉන්ටර්න්ශිප් යා යුතු වූ අතර මා කාර්‍යබහුලව වුන්නෙමි.. මම සදුදා දහවලේද හට් අසල බැලූ නමුත් අර යුවතිය වූයේ නැත.මම එම සිදුවීම අමතක කර දැමුවෙමි.
*****
දෙවන වර අප මුන ගැහෙනවිට ඇය ගැන වූ එකම මතකය වූයේ අර කැම එකේ රස පමනි. ඒ අර දිනයට දින පහකට පමන පසු අය. එදින වස්තිගේ කෙල්ල රෝහල් ගත කර තිබූ අතර අප දෙදෙනාම කලුබෝවිල රෝහලට ගියේ ඈ බැලීමටය. ඕ මගේද මිතුරියක් වූ අතර අප ලෙඩුන් බලන වේලාව වන තෙක රැදී හුන්නේ ගේට්ටුවට පිටින් ඌ පෝලිමේය.. මට හුරු පුරුදු ඒ දෑස ඇස ගැටුනේ අනෙක් පස බත් කඩයක් අසල සිටින විටය.. ඇය තදබල කල්පනාවක වූ අතර පාරේ යන වාහන අතරින් ඇගේ මුහුන ඉතා දුක්බර ලෙස පෙනිනි.ඈ අසලම කුඩා දරුවෙක් වූ අතර ඈ දෙතොල් හපමින් දෙගෙඩියාවෙන් යමක් කල්පනා කරමින් උන්නද දරුවාගේ අතක් තදින්ම අල්ලාගෙන උන්නාය. මා ඇය දැන නොවූ බව ඇත්තය. මා ඇය ගැන කිසිත් නොදැන සිටි බවද ඇත්තය නමුත් කුමක් හෝ නොතේරෙන දෙයක් මට ඈ වෙත යන්නට බල කෙරීය. ඈ සමග කුමක් කතා කරන්නද හෝ කුමට යන්නේද හෝ නොදැන මා පාර පැන ඈ වෙත ගියෙමි. ඈ මා දැක හදුනා ගත්තාදැයි නොදනිමි.

"මතකද මාව කැම්පස් එක ගාවට කෑම ගත්තේ"මා විමසුවේ ඈ ගැන මට වෙනත් යමක් අසන්නට නොතිබුනු බැවිනි.

"ඔව් මට ම්තකයි. මහත්තය විතරයි එදා කෑම ගත්තෙ"මට පුදුම සිතිනි.

"මිනිස්සුන්ට ඕනවට වඩා බැගෑපත් වෙන්න එපා .. අපි හැමොම ලෝකෙට අවෙ එකම විදියට.ඇයි ආයේ කෑම අරගෙන නාවෙ. මම පස්සෙ දවසක බැලුව"
ඕ පපු කුහර වේලවාගත් ම්හා සුසුමක් හෙලීය. 

" මම අලුතෙන්නෙ ආවෙ. අනික මම එතන පිලිවෙල දැනගෙන නෙමේ ආවෙ. එයාල කිව්වා ආයෙ එන්න එපා කියල."

" කවුද?"

"අනික් අය. බිස්නස් අඩු වෙනව කියල "

මට පොඩි එකී දෙස බැලිනි. ඕ මොන්ටිසොරි ඇදුමකින් සැරසී සිටිය.මට කියන්නට කිසිවක් වූයේ නැත. අනුන්ගේ දේවල් සෙවීමට කිසිවිටෙක මට කැමැත්තක් නොවූ බැවින් ඇගේ ගැටලුව හාරා නොවිමසන්නට සිතුවෙමි. 
"අම්මේ මට බඩගිනී"
ඕ දරුවා දෙස බැලූයේ අසරන දෑසිනි. ඒ බැල්මේ අසරම බව මට හදුනාගත හැකි වූයේ මගේ අම්මාගේ දෑස් වලද ඒ බැල්ම මා දැක ඇති බැවිනි. මගේ පිරිමි සිත දියවී මා යලින් අම්මා ලග හුන් කුඩා කොලු ගැටයා විය .
" කාලා නැත්ද ඔයාල. ආ.. "
 ඇගේ දෑසේ කදුලු පටලයක් ඇදෙනු දැක මට තවත් ඒ දෙස බලන්නට හයියක් වූයේ නැත.
"මචං මේ අපේ ගමේ ළමයෙක් මීට් උන උබ පලයන් මම පොඩ්ඩෙන් එන්නම් වෝඩ් එකට."මා දෙස බලා උන් වස්තිට පවසා මා  පොඩි ඓකීගේ අත අල්ලගත්තේ කඩයකට යෑමටය.

"කාල ඉමු මේ කඩෙන් " කතාකල වචන කීපය තුල මහා ලෙන්ගතු කමක් මට දැනිනි.

ඇය නිහඩවම මා පසුපස පැමිනියාය. මා ඇගේ කතාව ඇසුවේ නැත පොඩි එකී කනවිට උගුර දන්නට ගත්තේ මගේය. මා කර ගත්තේ මහා පිනක් බව සිතිනි සැබැවින්ම ඔවුන් හිද තිබුනේ උදේ සිටම නොකා විය යුතුය.

මා මුදල් ගෙවන්නට නැගිටින විටය ඇය මා හා කතා කලේ..

කදුලු හා හීල්ලිලි මැද ඇගේ කතාව මා අසරන කලේ ඩිංගකින් නොවේ...

ඇගේ උපන් ගම පොලොන්නරුවේ වූ අතර අම්මා මිය ගිය පසු ව තාත්තාත් අයියාත් සමග ඈ ජීවත්ව තිබිනි. ඈ පැවසූ ලෙස ආදරයෙන් බෑදී තිබුනෙර් වැව් ප්‍රතිසංස්කරණ වැඩක් සදහා ගමට පැමිනි ඉන්ජිනේරු මහතෙකු සමගය. ඔහු ඈව විවහ කර ගත් අතර පදිංචිව තිබුයේ මහරගම ඔහුගේ මහ ගෙදරය. සාම්ප්‍රදායික නැන්දම්මා ලේලි ගැටුම් වෙනුවට මෙහිදී ඉතා සතුටින් ඈ සිට ඇති අතර තත්වය වෙනස් වී ඇත්තේ සැමියාගේ පැරනි පෙම්වතිය නැවතත් ඔහු වෙත පැමීඉමයි. රෙ සමගම කුඩා දියනිය සමග තනිවූ ඇය සියල්ල විද දරාගෙන උන්නද සැමියාගේ මව මිය ගිය පසුව ඔහුට අර තම පැරනි පෙම්වතිය සමග විවාහ වීමට අවශ්‍යව ඇත. හව්හරනක් නැතිව ඇය දික්කසාදය සමග පාරට වැටී ඇත්තේ ඉන් පසුවය. 

ගමට යන්නට සිතුවද අයියාගේ විවාහයට ගැටලුවක් වන නිස ඇය තමා අත තිබූ පොඩි මුදලින්අහරගම ආසන්නයේම කුඩා බෝඩිම් කැබැල්ලක් ගෙන ඇති අතර සියල්ලන්ටම පවසා ඇත්තෙ සැමිය විදේශ්ගතව සිටින බවය.

සියල්ල දරාගෙන උන්නද දරුවාගේ වැඩ වලට ඔහු ගෙවන මුදල දෙදෙනෙකුට ජීවත් වන්නට ප්‍රමානවත් නොවන නිසාත්. බෝඩිමට කෑම වියදම් දැරිය යුතුව තිබූ නිසාත් ඈ රැකියාවක් සොයගන්නට සිතා තිබූ අතර.රැකියා සොයන්නට ගොස් වූ අකරතැබ්බ නිසා ඕ ඒ අදහස අතහැර බත උයා කැම්පස් එක අසල විකුනන්නට සිතා තිබිනි.

මට දැනුනුදේ කියන්නට වචන නොවූ අතර මගේ ඇස් කදුලු වලින් තෙමී ගියේ මා වැනිම තවත් මිනිසුන් සමජයේ කොයි තරමක් අසරන වී ඉන්නවාදැයි සිතීමෙනි. ඇත්තෙන්ම අප එකෙක් කත්දී තව කී දෙනෙක් කන්නට දෙයක් නැතිව සිටිනවා ඇත්ද. 

මේ වෙනුවෙන් යමක් කල යුතු යැයි සිතිනි.මට සිහිවිය.මගේ අම්මා තනිව මමත් අයියාත් ජීවත් කරවන්නට වෙහෙසෙත්දී ඇයට ඕනෑ තරම් උදව් කරන්නට සත්ගුනවත් පිරිමින් පැමිනියහ. 
අපට නොකියා ඕ තනිව විද දරාගෙන අපිව ජිවත් කලාය. යහපත් දෑ පමනක්ම කලාය.

ඈ ගෞරවය තබාගෙන අපි ජීවත් කල අතර අද වුවද ඕනෑම අයෙක් අම්මා දෙස බලා ගෞරව කරන බව සැබෑය. මට මේ යුවතියට උදව් කිරීමට අවශ්‍ය වූයේ අන්න ඒ නිසා විය හැක. මෙවැනි යුවතියක් දරුවෙකුත් සමග තනිවී අසරන වීම බොහෝ මිනිසුන්ට ඉනි මං සැපයීමකි. ඈ ගැන මට වූයේ ගෞරවයකි. මගේම නංගි කෙනෙක් තනී වූ විටෙක මට ඇති වන වගකිමක් වනි දෙයකින් මා බැදී ඇති බැව් දැනිනි.

නංගි මන් ගැන වැරදියට හිතන්න එපා.මම ඔයාට පුලුවන් විදියට උදව් කරන්නම්.මේ දුවාගෙ ගෞරවෙත් රැකගෙන උන්න වගේම ජිවත් වෙන්න විදියක් හදාගන්න මම උදව් කරන්නම්. 

ඈ මා විශ්වාස කල බැව් ඇගේ බැල්මෙන් මා හැදින්නෙමි. ඒ ලා මදහස හැමදා ඒ මුහුනේ තිබෙවායි පතා මා ඇගෙන් ලිපිනය අසාගත්තේ කුමක් හෝ ජීවන මගක් සදා දීමේ අදිෂ්ථානයෙනි.

මම ඔවුගෙන වෙන් වුයේ මා අත තිබූ සුලු මුදලක් ඈ වෙත තබාය. ඈ එය ප්‍රතික්ශේප කලද මා එය නැවත නොගත්තෙමි. මහපොල දමා තිබීම ගැන දෙයියන්ට ස්තූති කල මා වෝඩ් එකට පැමිනෙන විට වස්ති එලියට පැමින සිටීය.

බෝඩිමට පැමිනි පසුව මට වස්ති සමග සමාධිගේ කතාව නොකියා බැරි විය.

"අනෙ  මන්ද බන් ඔය රට අම්මන්ඩිල කියන එව්ව විශ්වාස කරන්න පුලුවන්ද.කොහොම උනත් උබ ඔය මගුල් කරන්න ලෑස්ති වෙන්න එපා..."

මට ඇගේ බැල්ම සිහිවින. එවේලෙහි ඇයට තිබුනු එකම හවුහරන මාම විය.
"ඒ බන් සයුරිලෑ බෝඩිමේ ළමයි රෑට කන්නෙ කොහොමද .. ?"

මා වස්තිගෙන විමසුවේ යම් අදහසක් සිතේ රදවාගෙනය. 
"අනේ මන්ද බ්න් ඔය එක එක ගෑනු කන විදිය මම හොයන්නෙ නෑ"
"ප්ලීස් බ්න් අහල කියපන්කො" 
" ඇයි දැන් තෝ උන්ට බත් අදින්නද අහන්නෙ.. සේරටම කලින් කෑල්ලක් සෙට් කරගෙන ඉදපන් යකෝ වටෙ ඉන්න ගෑනුන්ගෙ ප්‍රශ්න විසදන්න යනව්"
මට කෝපයක් දැනුනේ නැත. වස්තියා කොහොම බැන්නද අනික් අතට මට විස්තරය සොයා දෙන බැව මම මම දන්නෙමි.

" අඩෝ උන් බන් කෝල් කරල අන්කල් කෙනෙක්ගෙන් කෑම ගෙන්න ගත්තලු පස්සෙ එ මිනිහ දැන් එන්නෙ නැලු... මුන් දැන් හමදාම විජේරාමෙට ඇවිත් කෑම ගන්නවලු. එක දවසට දෙන්න ගානෙ.."
*****
පසුවදා මම ඈදුන ලිපිනයට ගියේතනිවමය. වස්තියාට කීවානම් විසුමක් නොවන නිසා අවසානයෙ ඌට කියන්නට සිතාගත්තෙමි.
ඒ ලිපිනයේ තිබුයේ පරන තාලයේ නිවසකි එයට යාබදව වූයේ තනි ගොඩනැගිල්ලකි. එහි කාමර දෙකක් තිබෙන්නට ඇත. මෙය සාදාගෙන යමින් පවතින ඇනෙක්ස් එකකි. 

මා කාට කතා කරන්නෙදැයි සිතා සිටින විට මැදිවියේ කාන්තාවක් පැමිනියේ "ඇයි මොකක්ද කාරනාව "අසමිනි
" සමාදි නංගිගේ බෝඩිම කොයිකද කියන්න පුලුවන්ද මම එයලෑ ගමේ කෙනෙක්" මා දෙස විපරමින් බල හුන් නිසාම මම කීමි.
අර ගේ කෑල්ලේ තමා සමාදි ඉන්නෙ. ඔය ළමය යන්නකො. සමාදි ඇතුලෙ ඇති.

"සමාදී"

මා හද නොවුස් කොට කතා කලද මද වේලාවක් යන්නටත් පෙර දොර හැරිනි,
පොඩි කෙල්ල මා දැක ඇතුලට දුව ගිය අතර් ඒ පමාවෙන එලියට ආවේ ඇයය. 

" අනෙ එන්න මහත්තය ඇතුලට"

නැවතත් අර බැගෑපත් හද. මට කේන්තියක් දැනිනි.අසරන කමට විය හැක.නමුත් මේ බැගෑපත් වීම් අවස්තාවක් ලෙස දකින් පිරිමින්ද සිටී.

"මම කිව්වනෙ සමාදි. මහත්තයෙක් නෙමෙ මම නිකං ඔයා වගේම මනුස්සයෙක්.මම කිව්වනෙ මෙතන සර්ලා මහත්තුරු නෑ.. මම ගිම්හාන ඔයා සමාදි..නම කියල කතා කරන්න. බැයිනම් අයිය කියන්න."

මා පවසන දෙස ඈ බලා උන්නේ සිසනාසෙමිනි. ඒ බැල්මේත් සිනාවෙත් අර පොඩි එකීගේ සිනාවේ වූ අහින්සක කමම පෙනිනි.

" අයිය ඉන්න මම තේ එකක් හදාගෙන එන්නම්." 

මම කිසිත් නොපවසා සුද්දීට මම රැගෙන ආ චොක්ලට් එක දුන්නෙමි.ඈට ආදරයට සුද්දී කියන බැව් මම දැන ගත්තේ දැන්ය.. ඈ දෑස් වලිනුත් සින සිසී එය ගනිත්දී මට මහා සතුටක් දැනිනි.

ඈ ගෙන ආ තේ එක නැවත මා නිවසට රැගෙන ගියේය. 

" බිස්කට් එකක් වත් නෑනේ මම සීනි හුගක් දැම්ම" 
" අනේ අනේ මේ අපි කැම්පස් එකෙ කන්නෙ බොන්නෙ බිස්කට් කේක් හොය හොයා නෙමෙයි නංගි." 

මම ඇයට මගේ අදහස පැවසූයෙමි. ඇගේ දෙනෙත් වලට කදුලු පිරෙන සැටි දැක අමාරුවෙන ඉවත බැලූයෙමි. ගැහැනුන් හඩනයුරු දැකීම මට මහ කම්පනයකි. නිතැතින්ම අම්මා මතක් වීමත ඒ හා සමගම දැනෙන සියුම් වේදනාවත් නිස නිතරම මම හඩන්නියන් මහ හරිමි.

" අපිට පුලුවන් රෑ කෑම වලට ඔඩර් අරගෙන උයල මොකක හරි ගෙනිහින් බෙදල දෙන්න .. බොඩිම් දෙක තුනකුඉ හොස්ටෙල් දෙකකට විතරයි කතා කරල අපිව කන්ටැක් කරන්න නම්බර් එකක් දුන්නනම් හෝ ගලා ළමයි කතා කරවි.

"එදා මම කෑවනේ නංගි උයපුවා. ඒ විදියටම රසට කෑම දෙන්න පුලුවන්න්ම්... කොස්ට් එක වැඩි උන්ත් ඔඩර් ගොඩක් ගන්න පුලුවන්නෙ ... නංගිට එහෙම උනොත් තනියම උයාගන්න පුලුවන්ද...?"

මෙවැන්නක් සාර්තක කර ගත හැකි බව මම දනිමි.. ඈ හිස වැනුයේ හදිසියෙනි..

" අනේ පුලුවන් අයියෙ මට, හුගක් පිං අයියෙ මෙහෙම මට උදව් කලාට අයියට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. "
මට සිනා නැගිනි.
" අයියෙ ගොඩක් කෑම ගෙනවන්ම් මම වාහනයක් කතා කර ගන්න ඕන නේද...?"
  
ඒ පිලිබදවද මම කල්පනා කර උන්නෙමි...ත්‍රීවීලයක් කතා කර ගත්තද ලොකු වියදමක් දැරීමට සිදු වේ.. නමුත් ත්‍රී වීලයකින් යනවිට වැඩි කෑම ප්‍රමානයක් ගෙන යා හැකි නිසා එය පියවා ගත හැකි වෙතැයි සිතුවෙමි.

ඕ ජීව්තය ඇරඹුවේ එහෙමය.මා එසේ කියන්නේ ඈ මට කියා තිබූ ලෙසටය.

මුල් දින දෙකේ මමද ඈ සමග ත්‍රී වීලයෙන් කෑම රැගෙන ගියේ අදාල බෝඩිම් හා හොස්ටෙල් ඈ නොදන්නා බැවිනි. ඈ අත එතරම් මුදලක් තිබුයේ නැත. මා අත මුදල් වැඩි ප්‍රමානයක් නොවුවද.. අයියා රැකියාවක් කරන නිස හදිසියකට යැයි කියා ඉල්ල ගත් 20000කින් හා ඈ අත තිබු කුඩා මුදලකින් බඩු ගෙනැවිත් තිබූ අතර...ඒවා ගන්නටද මම ඕ සමග ගියෙමි.. 

එසේ ගියේ එවැන්නකට හෝ උදව් ගන්නට ඇයට කිසිවෙක් නොවූ බැවිනි.
මාසය අවසානයේඩී මුදල් ගෙවීමට හයර් එකට ත්‍රී වීලයක් කතා කරගත්තේ මා හොදින් හදුනන අමරෙ මාමාය.. ඔහු මා බොහො විට ගමන් යන ත්‍රී වීලයේ රියදුරුය. 
*** 
මාසයක් යන්නටත් පෙරම පොඩි දුවෙක් එක්ක බත් අරන් එන ලස්සන අක්ක හුගක් ප්‍රරසිද්ද විය.. ඉද හිට මා නිවසට ගොඩ වන විට... ඇගේ ඇස් දීප්තියෙන බැබලේ.. මට ගමේ අම්මා මෙන්ම ඕ බලන්නට යනවිටද හිතට සැනසුමක් දැනිනි. කියාගන්න නොතේරෙනව ලෙන්ගතු කමක් ඇති වේ.. ඒ ඇ සෑම විටම කියවන පරිදි දිවි නසාගන්නට උන් ඔවුන්ව ගලවාගත්තේ මන් නිසා නම් නොවේ... මම මේ කිසිත් නොදන්නා විට එදා මුල්ම දිනයේ බත් ගන්නා විටත් මට සිහි වූ මගේ අම්මා ඇගේ හැම වැඩකින්ම මට සිහි වන්නේය.

කල් ගත වත්ම ඇය මදින් මද මුදල් ඉතිරි කර ගත්තේ කෙදිනක හෝ කෑම ව්‍යාපාරය දියුනු කර ගැනීමේ අදහසිනි. ඇය මට එවැනි දෑ පවසන විට මා සුද්දී උකුලට ගෙන අසා සිටින්නේ පොඩි එකියක් කියන කතාවක් අසන ලෙසටය. නමුත් මම දැන් උන්නෙමි. ඇයට අවශ්‍යව තිබුනේ පටන් ගැන්මකි.. ජීවිතය හදාගැනීමට ඕ නොයෙක් දුශ්කරතා මැද අහිංසකගමනක් යන්නීය.

මා විශ්ව විද්‍යාලයෙන් පිට වන විටම රැකියාවක් ලැබුයේ මා පංති සාමාර්තයක් සහිතව සමත් වී තිබූ බැවිනි. මගේ අම්මා ලගට සතුටු වූයේ ඇයය. .. 
ඕ දැන් කුඩා දුරකතනයක් ගෙන තිබිනි.

ඇමතුම එනවිටම මා ඒ ඇගෙන බව දැන උන්නෙමි..

" අයියා.. මම බාරයක් උනා හොද රස්සාවක් අයියට හම්බ උනාම පන්සල් එනව කියල අයිය එක්කම.. අපි පිල්ලෑවෙ බෝදියට ගිහිල්ල බාර වෙමුද..?" 
මම කිසිත් නොපැවසීමි. ඕ මා ගැන සිතන්න්නෙ අම්ම මා ගැන සිතන ලෙසටමය. " පොඩ් පුතේ අනේ රත්තරනේ ලග තියෙන පන්සලකට වත් යන්න මම බාරයක් උනා.. මම එක ඔප්පු කරන්නම් සමන් දේවලෙට ගිහින්" 

" පිල්ලෑවෙ පන්සලට කැම්පස් ළමයිත් එනවනෙ ඒක අයියට හොද නෑනෙ. නෙද?. මම එච්චර හිතුවෙ නෑ. අයියා යනවද එහෙන්ම් මම අමරෙ මාම අතේ එවන්න්ම්. පූජා වට්ටියට ඕන බඩු එහෙම මම අරගෙන පිරිසිදුවට හැදුව. මම ඒ ටික එවන්නම්." 

ඈ සිතූ තරම් දෙයක් මා සිතූයේ නැත.කොහොමත් මම වැඩිය කතා නොකරන නිසාම ඕ ඕනෑ දෙයක් කියයි අයියා මෙහෙම හිතුව නේද?. මම මෙහෙම හිතුවෙ . මම එහෙම හිතුවෙ නෑ.. මට සුද්දී මතක් වී සිනා නැගෙන්නේ ඇයගේත් ඇගේ මවගේත් වැඩ වල කතාවේ ලොකු වෙනසක් නැති බැවිනි.

" අනේ පිස්සුද නංගි. මම එනවා. ඔයල එන්න එහෙන්ම්. " 

ඉතිම් එදා බෝධිය අසලදී සුද්දී මා අසලම රැදෙත්දී සමාදි දුව පැන පඩුරු ගැට ගසමින්. පිරිත් නුලක් ගැට ගසා... මට සෙත් පතත්දීත් මා බලා උන්නෙමි. 
"ඇයි මාමා අඩන්නේ..."
නොසිතාම ගිලිහුනු කදුලු බිදුවක්  සුද්දීගේ අතින් පිහදමන විට මම කිසිත් නොකියාම ඒ කුඩා අත්ල මගෙ නහයට සිරකරගතිමි. මට එන්නෙ ඇගේ සුවදය. 
කවදාවත් නොදැනුනු තරමට මට මේ ජීවිත දෙක මගේ යැයි සිතිනි.
මම යම් පොතකින් කතාවක් අසා තිබිනි එහි නම් වූයේ..one dollar and seven cent ය. එහි කීවේ ඕනෑම පුද්ගලෙකු අත අනෙක් පුද්ගලයෙකුගේ ජීවිතය වෙනස් කල හැකි ප්‍රාතිහර්‍යක් සහිතව උපදින බවය... ඉතින් මේ ජිවිත දෙකෙ ප්‍රාතිහර්‍ය මා අත තිබිනි..

"නංගි.. "

"ඕ අයියේ කියන්න.. අයිය බය වෙන්න එපා මටයි කෙල්ලටයි ජිවිතෙ හදාගන්න දීපු උදවුවට අයියට කවමදාකවත් දුකක් දැනෙන්නෙ නෑ.. "

මම ඈ දෙස බැලීමි. කවරදාටත් වඩා මට ඈ සුන්දරව පෙනිනි. මා ඈ දෙස කෙදිනක වත් මෙසෙ බල තිබුනේ නැත.මට ඇගේ දීප්තිමත් ඇස්..පිරුනු වලගැසුන කම්මුල් ..හෝ ලා කහ පාට හම.කෙදිනකවත් මෙසේ පෙනී නොතිබුනි. 
ඉතින් මගෙ හදවතේ ඈ ඇවිදින්නට පටන් අරන් තිබුනේ අදක ඊයෙක නොවේ....ඇගේ ලස්සන රුව නොව හැගීම් වල ලස්සන .. හදවත සොරාගනිමින් තිබිනි. 
දනිමි .. ඕනෑ කෙනෙකුට ඕනෑ දෙවල් කිව හැක.. නමුත් මගේ ජීවිතයේ ප්‍රාතිහාර්‍ය මේ ජීවිත දෙක සතු බව මම තරයේ විශ්වාස කලෙමි.
******
" මොනාද මහත්තය අහරින්න කම්මැලි නැතුව...." 
තාර පැටියෙකු වාගේ බඩක් උස්සන් එන අහින්සකී දකින විට මහ සිහිපත් වන්නෙ මා ඇය දුටු පලමු දිනයයි. 
මගේ අම්මා මෙන් අපිව බලා ගන්නේ සමාදිගේ ආදරයයි...
" කම්මැලියි නෝනි"
ඕ මගේ හිස අත ගාමින් මා අසලින් වාඩී වේ..
" තාත්තී.. මාව එක්ක යන්න එනවද අද...මට කුරුලු කීව සෙනසුරාදට තාත්තලට නිවාඩු හන්ද ... ඇත්තටම ආදරේ තාත්තල විතරලු බබාලව පන්ති වලින් ගන්න එන්නෙ.."

සුද්දී දැන් 4 වසරේය.. මා මුල් වරට පියෙක් කලේ ඒ සෙනෙහසය..

" හම්මේ මගෙ දෝනි කැටේ ගන්න මම එනවනේ... මම අදරෙයිනේ..." 

"සමාදී දුව.. අනේ මේ අපේ කොල්ලගෙන් අහන්න අද මාව අසපුවට ගිහින් දාන්නෙ නැත්ද කියල" ඒ අම්මාය...
අම්මා සමාදිට ආදරේ කරන්නට හේතුව මම නොදනිමි .. නමුත් කුමක්දෝ හෙතුවකට ඔවුන් දෙදෙනා දැඩිලෙස බැදී පවතී..
මා දනිමි.. මට ජීවය දුන් මා ජීවත්කල අම්මාත් .මා ජීවය දුන් මා ජීවත් කරවන ඇයත් ලග හැර වෙන සැනසීමක් කොහිද......😍😍
*****

සිතුමි 

You Might Also Like

0 comments