කදුකරයේදී මුණගැසුණු තරුණයා නිසා වෙනස්වුන අචල්‍යාගේ ඉරණම
අඩෝ....උඹ කොයි වෙලේද ආවෙ මට කිව්වෙවත් නෑනෙ එනව කියල"
ඒ මගේ නැන්දාගේ පුත් චලනය.
" මේ ලොකූ මොන තාලෙටද ඔයා ගෑනු ලමයෙක්ට කතා කරන්නෙ ආ...."
මා කට අරින්නටත් පෙර සාලයට පැමිනියේ නැන්දාය... යස වැඩේ..මම කර බා ගෙන නැවත ලැප් එක දෙස බැලීමි.
" අනේ මේ අම්මට වැරදිලා.. මේකි නෙමෙ සොරි මේකා...ඉන්නෙ කොල්ලෙක් වගේ.. පෙන්නෙ නැත්ද.. ගෙවල් වලිනුත් තරහ වෙල ඇවිත් ඉන්න අපුරුව.."
සියුම් වේදනවක් දැනිනි. සියල්ලන්ම මාව දුටුවේ හිතුවක්කාර දඩබ්බර කෙල්ලක ලෙසය..
"චලන යනව ගිහින් වොශ් දානව කියවන්නෙ නැතුව"
ඔහු ගියේ මට දිව දිගු කරමිනි.
"දූ ඔයා ඕව ගනන් ගන්න එපා...දැම්ම කනවද පුතේ කෑම.. නැත්තම් කට්ටිය එක්කම කනවද."
නැන්දල කනකොටම කන්නම් මමත්... මට වැඩිය බඩගිනි නෑ..
ඇත්තෙන්ම මට බඩගින්නම් වූයේ නැත. අම්මගේ හඩ දෙසවන් පුරා රැව් දෙන්නට විය...
" අචල්‍යා මේ අහන්න ඔයාට දැන් 27ක් ඒකත් දැන් ඉවරයි.. කැම්පස් ගියාට වැඩක් නෑනෙ.. රස්සවකට යන්න ඕන නෑනේ .. නේද.. "
" මොකක්ද අම්ම කියන්නෙ මම මෙ කරන්නෙ රස්සාවක් තමයි.. "
මා කියූවේ මා පුවත් පතක විෂේශාංග කතුවරියක ලෙස රැකියාවක් කිරීම ගැනය. ඒ ගැන නිවසේ කාගෙවත් සැලකිල්ලක් නොවූ බව මා දැන උන්නෙමි.
" අනේ මහ ලොකු රස්සාව. කුරුටු ගග ඉදපන් ඉතින්. ඔච්චරනෙ දන්නෙ.මේ මගේ කේන්ති අවුස්සන්න එපා ඔයාට ඕන ඕන විදියට නටන්න දුන්න ඇති. මොකටද මැනෙජ්මන්ට් ඉගෙන ගත්තෙ පත්තර රස්සාව කරන්න නම්"
අම්මා හදන්නේ එල්ලෙන්නටය. ඒ ඇයගේ හැටිය.
" අම්මෙ ඔයාලට කරදරයක්නම් කියන්න. හැම මනුස්සයටම තියෙන හීනයක්. මේක මගේ ජීව්තේ ගැන දෙයක්. මම කවදාවත් ඔයාලට පිටින් ගිහින් නෑනේ.."
මා කියූවේ කෙදිනකවත් කියන්නට උන් ඒවා නොවේ.ඇත්තය පත්තර රස්සාවෙන් මට මහ මුදලක් හිමි උයේ නැත්. ඒත් මහ මුදලක් හිමි වන රැකියාවකට වඩා මහ හිතේ සැනසුමකින් මම උන්නෙමි. අම්මලාට අවශ්‍ය තමන්ගේ එකා කොහිම හරි ගොඩ යානවා දකින්නට බව් ඇත්තය. නමුත් ඔවුන් ඒ ගොඩ ලෙස හදුනා ගන්නෙ බොහො විට මුදල්ක් හෝ සමාජ තත්වයක් ලැබෙන දෙයකි පමනි.
මේවා විස්තර කර දෙන්නට ගියොත් වෙන්නෙ අම්මත් මමත් තරහ වීම පමනක් නිසා මම කර බා ගතිමි.
" මේ මම ඔයාට කියන අන්තිම පාර අචල්‍යා. අයියල දෙන්නම හැදුන වැදගත් විදියට. ඔයා එකම කෙල්ල උනම මම ආඩම්බර උනා . ඔයා ගැන. අන්තිමට ඔයා හැදුනෙ අර දෙන්නටත් වඩා කොල්ලෙක් වෙලා."
අනේ අම්මෙ ඇයි ඔය තරම් පටු විදියට හිතන්නෙ.. ගෙදර මිනිස්සුත් මට මෙහෙම කියනව නම් රටේ මිනිස්සු මොනා නොකියයිද.. මම කොල්ලෙක් වගේ ඉන්නව නෙමෙ අම්ම.. මම බොලද මල කෝලම් නැතුව ජීවත් වෙනව. සමාජෙ මිනිස්සු හිතන විදියට ජීවත් වෙන්න මට ඕන නෑ"
මම කාමරයට ආවෙ ආවේගයෙනි. ඇත්තය මම කුඩා කල පටන් උන්නේ මගේ වයසේ උන් අනෙක් ලමයින්ට වඩා වෙනස් ලෙසටය. එයටය මේ සියල්ලෝම කොලු කම ලෙස හදෙන්වන්නේ.ඇදුමින් පැලදුමින් කොහොමත් මම සාමන්‍ය යුවතියන් ලෙසම උන්නද... රුව ගැන හෝ නවීන විලාසිතා හෝ මිතුරු හමු හෝ හමු වූ විට සෝබනයට කරන හායි හූයි ගෑම් මා ලග තිබුනේ නැත.
අනික් කරුන නා එදා මෙදා තුරාවටම කිසිදු ගැහැනු යාලුවෙකු කාලයක් පුරාවටම මා සමග ම්තුරුව හිද නැත...
මා ඔවුන්ගේ සමාගමය ප්‍රිය නොකරනවාද ඔවුන් මාගේ සමගමය ප්‍රිය නොකරනවාදැයි නොදනිමි.
කෙසේ වුවත් කෙල්ලන් දුර්වල යැයි තවකෙකුගේ ආරක්ශාවක් නොමැතිව ජීවත් නොවිය හැකි යැයි හා ඔවුන් සිටින්නෙ වැඩිහිටියන්ගේත් විරුද්ද ලිංගිකයන්ගේ නෙත සිත පිනවීමට යැයි සිතන උන් සමග මම විරුදද වීමි.
ඒ නිසා බොහෝ දුරට මෙතෙක් කාලයකටම මා පෙම් සබදතාවක් ගැන ද සිතා නොතිබිනි.
මෙසේ බැලූ කල අනෙක් කෙල්ලන් හා මගේ විශාල වෙනසක් තිබෙන බැව් සැබෑය.. නමුත් අම්මාට කේන්ති ගොස් ඇත්තේ සියල්ලටම වඩා මම විවාහයකට අකමැති වීමත්.. තත්තා යහලුවෙකු මාර්ගයෙන් ගෙන ආ රැකියාවට යාම ප්‍රතික්ශේප කිරීමත් ය.
මුං ඉගෙන් ගෙන වැඩි උනාම එනවනෙ මෙච්චර උස් මහත් කරපු අපිට හොද නරක උගන්නන්න.. තෙරෙයි කසාදයක් බැදල කෙල්ලෙක් හම්බුනොත්.. අම්ම කෙනෙක්ට හිතෙ තියෙන බර.. අම්මප මේකිව කැම්පස් යවපු එක තම සේරටම හෙනේ.. ගෙදර හිටියනම් සමාජෙ හිතන හැටියි.. ඉන්න ඕන හැටියි මොකවත් නෑනෙ..
අම්මාගේ කියවිල්ල නතර වන පාටක් නැත. මට සිනා නැගිනි. තව කොතරම්ම් කියෙව්වද .. අන්තිමට මා කනකම් ඇය කන්නේද නැත..
මා දකින විට අම්මාට හිතන බරක් බව දනිමි..
විවාහයකට අකමැත්තෙන් හෝ එලබිය යුතුය. නමුත් කිසිවෙකුත් නිසා මම ආසාවෙන් කරන ලිවීම හැර නොදමන බව අම්මාටට්ග් තාත්තාටත් තෙරුම් කර දී මම පහුවදා නැන්දලාගේ ගෙදර පැමිනියෙමි.
"දූ කෑම කන්න එන්න"
මගේ දැහැන් බිදුනේ නැන්දාගේ හඩටය..
"ඒ පිස්සි දුක හිතුනද මම කියපුවට..
කොහොම රන්ඩු උනද චලන අයියා මට ආදරේය.. මගේ අයියලා දෙදෙනාටත් වඩා යම් කාරනාවලදී මගේ පැත්ත ගත්තේ ඔහුය.
" ඇයි බන් නිකන් මනස්ගාත ඔලුවෙ පුරවන් අරහෙ ලොකු මාමටයි නැන්දටයි දුක් දෙන්නෙ.. හිත හොදින් නෙමේ ඉන්නෙ .. මට චතුර කිව්වෙ.."
" අනේ මේ අපි හැමෝම එකම දේ කරන්න ඕන කියල නීතියක් නෑනෙ... අනික මම ඈස විදියට ජිවත් වෙන්න දෙන මනුස්සෙක් විතරයි මම බදිනව නම්. එහෙම නැත්තම් කසාදයක් නෑ කියල මට අවුලක් නෑ...
" අනේ මේ ලෝ කරන්න තිබ්බෙ තමුසෙ එනව කන්න"
මා සමග කතා කර දිනන්නට බැරි බව ඔහු කියයි. නිතරම කියන්නට දෙයක් නැති වූ තැන් ඔහු කරන්නේ ඔහොමය.මට සිනා නැගිනි.
****
චලන අයියා රැකියාවට ගිය පසු ගෙදරම පාලුය.. මම අලුත් කතාවක් ලියන්නට සිතුයෙමි.. මම හුදෙකලා වන බොහෝ විට මා අසල හුන්නේ පෑනයි...ඉතින් මේ සුන්දර ගම්මානයේ තේ වතු දිගේ දිවෙන පාරක බොහෝ දුර ඇවිද ගොස්... මීදුම් විදිමින් එන්නට සිතිනි... මීදුම් විදීමට නම් යා යුත්තේ හවසය... මේ ගෙවල් මන්ඩියේ වූයේ සිංහල ගෙවල් කීපයකි.
තේ වතු කදු මැදින් දිවෙන පාර ටික දුරක් ගිය පසුය නැවතත් දමිල නිවෙස් ටිකක් හමු වන්නෙ.. මා පාරට් බැස්සේ හුදෙකලාවේ ගොස් අලුත් කතාවකට සිතුවිල්ලක් පහල කර ගන්නනටය..
මේ තේ දලු කප්පාදු කිරිමෙන් පසුව එලඹෙන පලමු තේ දලු නෙලීමේ වාරයයී.. ලා කොල පැහැති ටේ දලුත් ලා රත් පැහැති තේ දලුත් දෙස බලමින් මා ගමන් ගත්තේ ඒ සොදුරු බව දෑසින් උරා ගනිමිනි.
ඇත්තය ඕනෑම වියවුල් අවස්තාවක ඒ ලා පැහැය සිත නිවනු ඇත.
මා පාර දිගේම ගොස් නැවතූනේ පාර අයිනට වන්නට තිබූ ගල් බැම්මක් උඩය.. ෆයිනස් ගස් උසට වැවී පාරට එක්කර තිබුනේ අදුරු ගුප්ත බවකි. මිනිස් පුලුටක් හෝ පෙනෙන්නට නොසිටි නිසා මා උන්නේ දෑස් පියා ගල් බැම්මට හේත්තු වී ගෙනය.....
එක්වරම මට දැනුනේ ඒ තේ කොල හා ෆයිනස් ගස්වල සුවදට මුසුව ආ වෙනත් සුවදකි.. හදුනා ගත නොහැකි කදුකර මල් සුවදක් කීවොත් නිවරැදිය.. මා දෑස් හැරියේ ඒ සුවදට ආසක්තවය..
මා දෙස බලාගෙන සිනාසෙමින උන්නේ මල් පොකුරක් අතින් ගත් සුන්දර යුවතියකි.. මා දැක තිබූ ලස්සනම යුවතිය බව කීවොත් මා නිවරැදිය.
මට පුදුම සිතුනේ ඈ ඒ බලා හුන් බැල්මටය..සිනා සීසී බලා උන්නේ මා උපන්දා සිට් දැන උන් ලෙසටය.. නිවිහැනහිල්ලෙ තනිවී උන් මගේ සිතිවිලි විසුරුවා දැමීම නිසා මට සිහින් කෝපයක් නැගුනද... ඒ සුන්දර දෑස් හමුවේ සිනා නොවී සිටීම කල නොහැක්කක් විය...
මම ආව එක කරදරයක්ද අක්කට
ඈ මෙන්ම ඇගේ හඩද මිහිරිය.පලමු වරට ගැහැනු ලමයෙකු කෙරේ මිතුරු හිතක් පහල විය. ඇය හුරතල් පෙනුමැතිය. ඇත්තට මා ප්‍රතික්ශේප කරන ගැහැනු ගති ඇයට ඇති බැව් බැල්මකින් තේරුනද... මට ඈ කෙරේ දැනුනේ සමීප බවකි.
අනේ නෑ නංගි .. මමත් පාලුවෙ උන්නෙ..
බොරුනෙ අක්ක ආවෙ හිතේ දුකක් හන්ද ටිකක් තනියම ඉන්නනේ නෙද..
මට පුදුම සිතිනි. ඇය මට වඩා වසර පහකට පමන බාල වන්නට ඇත. එක බැල්මකින් කෙනෙක් හදුනා ගැනීමට ඇයට පුලුවන. වටසට වඩා අත්දැකීම් ඇති තරුනියක මම ඈ කෙරෙන් දුටුවෙමි.
පිස්සු කෙල්ලෙක්නෙ ඔයා... කොහේ යන ගමන්ද මේ...
දෑස් සන්වේදී වන්නට ගියේ නිමේශයකි.ලා වීදුරු පටලයක් දෑසේ රැදී නොරැදී ගියේ ක්ශනිකවය..
මමත් උඩහට යන ගමන්. සිරිවර්දන අන්කල්ලෑ ගෙදරට ගෑනු ලමෙක් ඇවිත් කීවේ ඔයා වෙන්න ඇති කියල හිතල මම නැවතුනේ.. යන්නෙ නැතිව..
කෙසේ හෝ එදින යන විට මගේ පුංචි මිතුරියව මම වසර ගනනක සිට දැන හුන්නාක් මෙන් විය. මා කෙදිනකවත් නොවූ ලෙස දොඩමලුව උන්නෙමි.
එහෙන්ම් මම මෙතනින් යනව අක්කා... ඔයා පරිස්සමින් යන්න..
ඕ මට සමුදුන්නේ ලෙන්ගතු සිනහවකිනි.
තනිව සිටියාට වඩා මගේ සිත සැහැල්ලු වී ඇති බව දැනිනි...
මා අලුත් කතාවක් ලියන්නට ඇරබුවෙමි..මට දැනුනේ අර කදුකර මල් සුවදය.. මම ජනේලය වෙත ගොස් බැලුවේ අහේතුකවය..
ඉතිං කතානායිකාව ලෙස අර යුවතිය සිතා ලියන්නට ගත්තෙමි.ලියා අහවර පුදුමයට පත් කරන්නට ඇයට කතාව දෙන්නට සිතා ගත්තෙමි.
****
අපගේ මිතු දම සෙමින් වැඩිනි. ඈ දෙස බලා ප්‍රතම වරට මට මගෙ ඍජු ගති නැති කරගන්නට සිතිනි.
අක්කට හිතෙනවද අම්මට කෑගහන්නෙ නැතුව උනනන්ම් හරි කියල...
කදුකර මල් සුවදක් තවරාගෙන මා දෙස බලා හුන් සැදෑවක ඇය ඇසීය...
අනේ මන්ද එක අතකට හිතෙනව
මම ථ් ඔයා වගේ උන්නනම් අම්මට සතුටු හිතයි.
ඔයා හිතන විදිය වෙනස් කරන්න එපා... ඔයා ලස්සන ඒ ව්දියට.
එක් වරම අප පසුකර මහ වේගයෙන් ඉදිරියට ගියේ ජිප් රතයකි. අප දෙදෙනා පරෙන් ඉවතට පැන්නේ ක්ශනිකවය. මා පාරෙන් ඉවතට පැන්නේ ඇගේ අත අල්වා ගෙනය.
ඇගේ අතේ වුයේ අයිස් පරදන සීතලකි.. මම ක්ශනිකව අත ඉවතට ගත්තේ ඒ සීතල දරාගන්නට බැරුවය...
නන්ගි ඔයා මොකටද බය වුනේ ... ආආ... ඔයා සීතල වෙලා හොදටම..
ආ..මේ.. නෑ අක්ක මට මේ මීදුමත් බාගෙන එන හන්ද වෙන්න ඇති.
බලන්න මේ මිනිස්සු පාරෙ යන හැටි.. මොන සිහියෙන් ඩ්‍රයිව් කරනවද මන්ද.. ඔයාට තනියම යන්න පුලුවන්ද...
අන් කවරදාටත් වඩා මොහොතින් මොහොත ඇගේ මුහුනේ මතු වන වේදනාව මට පෙනිනි. සුදුමැලි පැහැ මුහුන හඩන්නට මෙන් රත් වී ඇති අතර ඒ ඇස් වල වූයේ බොර පැහැයකි..
ඒ තේමිය අයිය.. ඔයා අහලත් ඇති. චලන අයියගෙ යලුවෙක් .. පව්
ඇයි පව් කියන්නෙ..
එයා ආදරෙන් ඉදපු ආදරේ එයාට නැති උනා.. එදා ඉදන් එයා ඉන්නෙ ඔහොම.. තනිවෙලා.. සමහර දාට බලන් ඉන්නව මම දැකල තියෙනව අර අපි මුලින් හම්බ උන ගල් තලාව ගාව..
මට සිනා නැගිනි..
අපේ කෙල්ලට තේමිය අයිය ගැන් දැන් ආදරයක් ඇති වෙලාද තියෙන්නෙ....
ඇගේ දෑසේ සියුම් තිගැස්ම මා හදුනා ගත්තෙමි
නෑ සුදු අක්කෙ.. ඒත් ඒ අයිය පව්... ඔයා එයාව දැන ගත්තොත් ආදරේ වෙවි.. දන්නවද ඒ වගේ කෙනෙක් තමා ඔයාට ගැලපෙන්නේ..
වැඩිය අදුරන්නෙ නෑ කිව්ව න්ද කොහොමද ඔහොම කියන්නෙ එහෙන්ම්... පිස්සු කෙල්ලෙ... ගුටි කන්න හදන්නෙ මගෙන් නේද..
නෑ නෑ අලේ... මටත් පිනක්නෙ ඉතින් අහින්සක
දෙන්නෙක් එකතු කරන එක...
ඒ මා තේමිය ගැන ඇසූ පලමු දිනයයි..
මා නිවසට පැමිනෙන විට තේමියගේ ජිප් රිය අසල නවතා තිබිනි. නිවාඩු දිනයක් වූ
බැවින් චලන අයියාත් අර තරුනයාත් උන්නෙ මිදුලේ තේ බොමිනි.
අචල්‍යා...
මා බැලීමි. තෙමිය දෙස විමසිල්ලෙන් බැලූයේ ඇය පැවසු නිසාය.ඇත්තය සුදු මුහුන පුරා වූයේ අපිලිවෙලට වැවුනු රැවුලය..
කලෙක කඩවස්ම්ව ඉන්නට ඇතැයි හැගෙන රුවක් තිබිනි.
මේ මචං අචල්‍ය.. අපේ කොලු බාගෙ
කවදාවත් නැතුව එවදනට මම චලන අයියාට පහරක් ගසා සිනසුනෙමි..
එතකොට මේ කදුකරයේ කුමාරය..
හී... හිටපු කුමාරය තෙමිය..
ඔහු මුහුනට සිනහවක් නගා ගත්තේ ආයාසයෙනි..නමුත් මට ඔහු කෙරේ දැනුනු හැගීම කිසිදු දිනක කොල්ලෙක් කෙරේ දැනී තීබූවක් නොවීය.. මා නිවරැදිනම් කෙදිනක හෝ හොහෙල්ලෙන්න්ට සාද ගෙන උන් සිත චංචල වන්නට තත්පරයෙන් පංගුවක් වත් ගියේ නැත.
මම දැක්ක නංගි පහල පාරෙ තනියම එනව. වැඩිය ඒ පාරෙ තනියම යන්න එපා..
ඔහු ක්ශ්නිකව පවසා නිහ්ඩ විය..
මට ඒ වචන වල වූ වේදනාව හැදිනිය හැකි විය.
දෙන්න කතා කර කර ඉන්නකෝ මට විනඩියක් දියන් මච්ං..
චලන අයියා නැගිට ගියේ දුරකථන ඇමතුමක් නිසාය.
මම හිටියෙ නන්ගි කෙනෙක් එක්ක.. අයිය දකින්න නෑ.. ඔහොම වාහන පැද්දොත් නම් පාරෙ යන මිනිස්සුත් හැප්පෙයි.. ඕකනේ ලොකු මිනිස්සුන්ට පාරෙ යනකොට පොඩි මිනිස්සුන්ව මතක නෑ...
ඒ වචන මගේ කටින් පිට වෙන්නට වූයේ නැත. ඔහු මගේ මූනවත් නොබලා යන්න ගියේ පසෙක ඇමතුමක උන් චලන අයියා දෙසද නොබලමිනි.
ඇයි බන් අරූට මොකද උනේ .. ටිකක් වෙලා ඉන්නව කියලනෙ ගියේ ...
මට කිසිත් වැටහීමක් වූයේ නැත. මා බල උන්නේ.. ජිප් රිය ගිය දෙසය....
****
මා ඊට පසුව දින දෙකක පාර දිගේ පහලට ගියද.. කදුකර මල් සුවද මා අ සල දැවටුනේ නැත. හමු වූ දින හතර පහට ඕ ඉන්නා තැනක් මා අසා ගෙන තිබුනේ නැත..
මට දැනනුනේ පාලුවකි.
මීදුම අවට ගලන තෙක්ම මා ගල් බැම්ම ලග අසුන් ගෙන සිටියෙමි.
තේමියගේ රථය පැමිනුන බවක් මා ලගට එනකම්ම දැනුනේ නැත
මම කිව්ව නේද මේ හරියෙ ඉන්න එපා කියල.. එනව යන්න.. මගුලක් කරනව. ගෑනු සේරම මෙහෙමයි කියන සිංහල තෙරෙන්නෙ නෑ..
මා සිතන්නත් පෙර ඔහු මා ඇදගෙන ගොස් රියට දමා වසා තිබිනි..වාහනය වේගයෙන් ඇදෙන විට පාර අයිනේ සිට අප දෙස බලාගෙන උන් ඇයව මම දුටුවෙමි..
අයියා නවත්තන්න අයියා.. ප්ලීස් නවත්තන්න
ඔහු නැවතූ පසු මා බැස බැලූවද එහි කවරෙකුවත් වූයේ නැත්.
ඇයි අචල්‍ය.. ඔයා කියන්න ඇයි බහින්න ඕන උනේ කාවද ඔයා දැක්කෙ..
මා කිසිත් නොපැවසීමි.නෑ තෙමිය අයිය යං
මා වෙන කිසිත් පැවසුවේ නැත.
මා නිවස අසලින් බහින විට ඔහු මා දෙස බැලූ තෙත් බැල්ම මා හිරිගඩු නංවන්නක් විය.
***
"ඇයි දරුවො කරුවලේ අයෙත් නම් යන්න එපා...බලන්න මීදුම් වැඩි උන දවසක ඔය ගල් බැම්ම ගව ඉදල පහලට වැටිල ගෑනු ලමෙක් මැරුන... ... ඔයා දැන් ඇති රස්තියාදු ගැහුව.
අනිත්දට යනා ඕන නේද ....පාලු හිතෙවී ගියාම දැන් මට..
ඉතිං මා යන බව කියන්නට කදුකර කුසුම හමුවන්නට ඕනෑකම තිබිනි.. තේමිය හමුවෙන්නට උවමනාවක් තිබිනිදැයි මම හදවතින් ඇසුවෙමි.. ඔහු මටත් නොදැනෙන්නට මසිත අරක් ගෙන තිබිනි.. යන බව සිහි වනවිට වඩාත් දුක දැනුනේ කා නිසාදැයි නොදනිමි. නමුත් දෙදෙනාම මේ දින ගනනට වෙනස්ම අචල්‍යා කෙනෙකු මවා තිබිනි...
නැන්දාගේ සුදු පැහැ සායකුත් මගේ අත දිග බ්ලවුසයකුත් හැදගන්නට සිතුනේ මන්දැයි නොදනිමි.
මම මේ අවුරුදු ගානකින් සායක් ඇන්දාමය..
අඩෝ මොකද වෙන්නෙ... මේ මොක්ද සායකට බැහැල ...
නැන්දා දුවගෙන ආවේ... මා සායක් හැද උන් බව අසාය..
මේ ඉන්නෙ මලක් වගේ කෙල්ල මගෙ..
..කෙසේ හෝ ඇය හමුවී මා සිහි වන්නට යමක් දෙන්නට සිතුවෙමී... වැඩියෙන්ම ආදරේ කරන අයට දිය යුත්තේ තමා වැඩියෙන්ම ආදරය කරන දෙයක් බව අසා තිබිනි... මා ලග තිබූආ වඩාත් ආදරය කල දෙය වූ කැමරාව මා ගතිමි. අර ගල් බැම්ම දක්වාම ගිය නමුදු ඇය නම් හමු වූයේ නැත. . නිරතුරුවම අවට හමන ඒ කදුකර මල් සුවද දැනී මා ඇය සෙවීමි. නමුත් මා හැර කිසිවෙක් වූයේ නැත. අද නම් ඈගේ ගෙවල් වලට හැරුනු ඉසව්වේ මද දුරක් යන්නට සිත ගතිමි.
ඇයට සමුනොදී යන්නට මට සිතුනේ නැත.
තේමිය දැන් එතැයි දැන් එතැයි නොසිතුනා නොවේ...
මා සවන් දී උන්නේ... ජිප් රියෙ හඩ ඇසෙන තෙක් ය.
අවසන ඒ හඩ ඇසී මා කලබල උනෙමි.. අන් කවරදාටත් වඩා මම නොයිවසිල්ලෙන් උන්නෙමි. කොල්ලෙක් නිසා මෙවැන්නක් අචල්‍යාට උනාමය.. මම මේ ආදරයද කිය හැදින්නට නොහැකිව ලත වීමි.නමුදු මම වරක් දෙවරක් සසලව ගිය ඔහුගේ නෙත් දුටුවෙමි.
ඒ ආදරයද නැත්ද කියා නොදනිමි.නමුත් ඔහු හමුවී සමුගන්නට ඕනෑ විය..
සිතූ සේම මා අසල ජිප් රිය නැවැත්වීය ඔහු බහිත්දීම ඒ අසලට ගියේ... කතා කරගෙන තිබූනාක් මෙන් ය.
නංගි මම ආවෙ දෙයක් කියන්න බලාගෙන
මම ඉන්නව කියල කොහොමද දැනගත්තෙ
මම පුදුම වීමි
මට කෙනෙක් කිව්ව . මම කතාව කියන්න්ම් යමු.
ඔහු වාහනය හැරෙව්වේ ඇය වෙනදාට යන පාර දෙසටය... පුදුමය නම් බොහෝ දුරක් ගියද කිසිදු නිවසක් නොවීමයි.. මට මහා අමුත්තක් දැනිනි.
ඔහු වාහනය නතර කරත්දී වූයේ සුසාන භූමියකි. වල් පැල් වැවී තිබූ සොහොන් අතර ඔහු මා රැගෙන ගියේ එක් හුදෙකලා අලුත් සොහොනක් වෙතටය...
මගේ දෑත් දෙපා අවසගව ගියේ එහී පිගන් ගඩොලක අල්ලා තිබූ රූපයටය. එහි වූයේ මගේ කදුකර සුවදය.. මගේ ජිවිතයේ හුන් එකම මිතුරියට.. ඇයද ජීවත් ව සිටි අයෙක් නොවේ..
මේ ඉන්නේ මම ආදරේ කරපු කෙල්ල නංගි. මට ආදරේ කල මට ආදරේ කරන්න හිතන්නවත් බැරි තරමට. හැමදාම මල් පොකුරක් අරගෙන මාව බලන්න එන කෙල්ල දවසක් මම එනකම් හුගක් හවස් වෙනක්ම් ඉදල්..
ඔහුට තවත් කිසිවක් කියගත් හැකිවූයේ නැත.. මා ආදරය ඔහුගේ නෙතින් දුටුවෙමි... ඇය මා දෙස බලා කදුලු පිරුනු නෙතින් බලා හුන්නීය.. ඇගිල්ලක් දෙතොල් අතර තැබුයේ කිසිවක් නොකියන්න යැයි කියමිනි... සුවද විසිරී ඈ මැකී යත්දී මගේ සවනට ලන්වී ඈ මිමිනූ දේ මට ඇසිනි...
මගේ තේමියව බලාගන්න සුදු අක්කෙ.. ඒ අහින්සකය විදවනව.
මම ඒ හිස අතගෑවෙමි.. ඔහු අත තිබූ ඉටිපහන් පත්තු කලෙමි...බොහෝ සවස් වනතුරු එසේ ඉන්නට ඇත... තේමිය අදට හඩන්න ... දුක දියවන තුරු කදුලු අවසන් වන තුරුම හඩන්න... මින් මතු මම ඔබට හඩන්නට ඉඩ නොදෙමි..
කදුකර සුවදේ... නාමයෙන් ඇගේ අවිහින්සක ආත්මයට සනසීමක් දෙන්නට මම ඔබ ලග හිදිමි. දනිමි ඈ මට කොතරම් ආදරය කරන්නට ඇත්ද. මෙලොව ඈට වටිනාම දෙයව තීබූ ඔබව මට දෙන්නට ඇත්තේ ඒකය... තවත් ආත්මයක ඔබේ ආදරය හමු වන තෙක් මා රැකගන්නෙම්.......
සිතුමි
සිතුමි

0 comments