Welcome to our website !

බස් රථයේදී මා අසරණ විය

By 4:58 PM

කුරුණෑගල සිට කොළඹ දක්වා එන් පෞද්ගලික බස් රථයට අලවුව ප්‍රදේශයෙන් එක් විශේෂ තරුණයෙක් ගොඩ වුණා.ඔහු බසයට නැන්ගේ මගී අවශ්‍යතාවකට නොව, තමන්ගේ දුක බසයේ සිටි පිරිසට පවසා මුදලින් උපකාරයක් ලබා ගැනීමට.ඝණට වැවුණු රැවුලත් තරමක් දිගට වැවූ කොණ්ඩයත් ඔහුගේ පෙනුම දකින්නන් තුල වැරදි ආකල්ප ඇති කරවන සුලුයි.

      සන්වේදී හිත් වලට ගීතයකින් ආමන්ත්‍රණය කළ මේ තරුණයා බසයේ සිටි අය ළඟට යමින් උපකරයක් බලපොරොත්තු උණා.ඒ වුණත් බසයේ සිටි කිසිම කෙනෙක් හිත ඇතුළන් වින්ද රසයට ප්‍රතිචාර දක්වන්න තරම් සංවේදී වුනේ නැත්තේ ඔහු තුළ වුණු පෙනුම නිසා වෙන්න ඇති.
"කුඩ්ඩෙක්ද කොහෙද,එන්ව පවු දෙන්න"කවුදෝ දෙන්නෙක් කිය්නවා මට යාන්තමට වගේ ඇහුණා.
   
       මේ තරුණයා මා ළඟ නතර වුණේ මම බස් කොන්දොස්තරට මුදල් දීමට මගේ පසුම්බියෙන් මුදල් ඉවතට ගන්නා අවස්තාවේදී.ඒ මොහොතේම ඔහු මදෙසට අත පා සිටියා.ඔහුට දීමට මාරු සල්ලි නොතිබූ නිසා මා ඔහුව ප්‍රතික්ෂේප කළා.ඔහු මගේ අතේ මුදල් තිබූ බව පවසමින් දිගින් දිගටම මුදල් ඉල්ලා සිටියා.ඔහු මට මහත් කරදරයක් උණා.මම ඉදගෙන සිටි අසුනට පිටුපස අසුනේ සිටියේ පොලිස් කාන්තාවක්.ඇය මේ සිදුවීම වෙනුවෙන් හඬ අවදි කළා.තරුණයාට බැණ වැදුණා.ඔහු සිටි තත්ත්වයට වඩා තවත් අසරණ තත්ත්වයක්ට පත්ව බසයෙන් බැස ගියා.

      කරන්නට හො කිය්න්නට දෙයක් නොවුණු මට සිදු වුනේ ජනෙල් කවුලුවෙන් ඉවත බලාගෙන කල්පනා කරීම පමණයි.

නිසංසලා

You Might Also Like

0 comments