මැයි දිනයට යන 138 බස්
මැයි දිනය කියන්නේ ලෝක කම්කරු දිනය.එම දිනය හැදුනේ ඇමරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් පැය අටක සේවා මුරයක් ඉල්ලමින් දියත්කල වැඩ වර්ජනකට වෙඩි තැබීමෙන් කම්කරුවන් මියයාම හේතුවෙන්ය.
කම්කරුවන්ගේ ලෙයින් තෙත්වුන එම දිනය හැම වසරකම මැයි පළමුවෙනිදා ලෝක කම්කරු දිනය ලෙස සැමරීමට පටන්ගත්තා.එත් කාලයක් ගතවෙනකොට ඒ කියන්න 1956දී ලෝක කම්කරු දිනය ලංකාවට හදුන්වා දුන්නේය.මෙතැන් පටන් ලෝක කම්කරු දිනය සමරන්න ශ්‍රී ලංකික ජනතාව පුරුදු විය.
නමුත් පසුගිය කාලයතුල මේ කම්කරු දිනය කම්කරුවන්ට අහිමිවිය,කපටි දේශපාලුවන් ඔවුන්ගේ පක්ෂයේ බලය පෙන්වීමට මේ දිනය යොදාගෙන තියෙනවා.
මේ දිනය සමරන්න බස් ගොඩක් කොළඹට නුවරට යනවා.ඉතින් මේ දිනේ වෙනුවෙන් ලොකු මුදලක් වැයකරනවා.බස්වල මිනිස්සු එක්කන් යනවා පෙළපාලි.පෙළපාලි ගිහින් බත් පැකට් එකයි,වතුර බෝතලයයි,අරක්කු ටිකයි දීලා මිනිසුන්ව බත්බැලයන් ගානට ඇදලදානවා.
බස් ගොඩක් එනවා ඉතින් 138 පාරේ යන්න බැරිවෙයි.කොළඹ ගොඩක් පාරවල් වහලනේ.නුවරත් හිරවෙයි.138 බසුත් මැයි දිනේට සෙනග අරන් යයි.අපේ රටේ කපටි දේශපාලුවන්ට ගිය මැයි දිනය රටේ සල්ලි කන සැණකෙළියක් මිස කම්කරු අයිතිවෙනුවෙන් තියෙන දිනයක් නොවෙයි.

0 comments