Welcome to our website !

කුණු කන්දට යටවුනු 138 බස් එක

By 8:22 PM

කොට්ටාව බස් නැවතුමෙන් බසයට ගොඩවුනු මම බසයේ මැද හරියට වෙන්න අසුනක හිදගතිමි.
මහරගම නගරයට පැමිණි බස්‍ රියට මැදිවයසේ පසුවන මහතුන් දෙදෙනෙකු මා ඉදිරිපස අසුනේ හිදගතිමි.
ඔවුන් දෙදෙනා බසයට ගොඩවුනු තැන සිටම කතාවුයේ මීතොටමුල්ල කුනු කන්ද ගැනය.
ඔවුන් දෙදෙනා කතාකරපු තවත් දෙයක් නම් බස්නාහිර පලාත් මහ ඇමති ඉසුර දේවප්ප්‍රිය මහතා කුනු කන්ද ගැන කරපු පරකාශයක් ගැනය.
එනම් පසුගියදා වේදිකාවක පවසනවා මට මිතොට මුල්ල කුනුකන්ද ඉවත්කිරීමට සැලසුමක් තිබුනා ඒත් එක කරන්න නාගරික සංවර්ධන අධිකාරිය ඉඩදුන්නේ නැහැ යනුවෙන් කල ප්‍රකාශය පිලිබදවයි.
මෙ දෙන්නාගේ කතාවෙන් තිබුන ආවේගශීලි බවකි.
ඔය ඉසුර කියන මිනිහා මහරගම ආසනයට කරපු දෙයක් තියෙනවද?මිතොට මුල්ල කුනු ඉවත්කරන්න තියා තාම හරියට මහරගම කුනු ටිකවත් ඉවත්කරන්න බෑ.
අනික එයා කියනවා එයාගෙ සැලසුම ක්‍රියාත්මක වුනානම් කුනුකන්දේ නායයාමට මිනිස්සු හසුවෙන්නේ නෑ කියලා.
මේ දෙන්නා හිනා වෙලා කියනවා මේකට අවසර දෙන්න පුලුවන්ද නිකන්,මේක හොද ව්‍යාපෘතියක් ද කියලා බලන්න ඔනේනේ.
එක කරගන්න බැරිවුණ හෙතුව විදිහට කියන්නෙ නාගරික සංවර්ධන අධිකාරිය පර්චස් 60ක් ඉඩමක් දුන්නේ නැති එකලු.
මොන කුනුහරප කතාවක්ද මේක.
එයාට මෙක කරනවා නම් වෙන ඉඩම් නැද්ද,අනික අක්කර 23ක කුනු කන්දක් ප්‍රතිචක්‍රිකරණය කරන්න පර්චස් 60කින් පුලුවන්ද , යන්ත්‍රසුත්‍ර ඔක්කොම හයිකරාම කුනු ලොරිය හරවන්නවත් ඉඩක් නෑ,ඉසුර කියන්නේ සුරන්ගනා කතා.
එයාට ඔක කරන්නම ඔනේ නම් වෙන ඉඩමක් අරන් එයාගේ යටතෙ තියෙන කොළඹ කුනු ටික එකට ගෙනියලා ඔය කියන ව්‍යාපෘතිය කරන්න තිබුනානේ.
වැඩබැරි ඉසුර කරපු හරි වැඩක් තියෙනවද?
අනේ බන් ඔය ගොනා ගැන කතාකරලා වැඩක් නෑ මුන් කරන්නෙ ලකුනු දාගන්න එක.මුන්ට චන්දෙ දුන්නු අපිට ගහන්න ඔනේ .අනික ඔය ඉසුරව අපි දැනගෙන හිටියට කොළඹ මිනිස්සු දැනගත්තේ ජනාධිපතිතුමාට මහඇමති කමට දාන්න එකෙක් නැතිකමට මහ ඇමති කරාට පස්සෙනේ.
මම ටවුන් හොල් එකෙන් බැස්සෙමි ඒවෙනකන් ඔවුන්ගේ කුනුකන්දේ ගැටලුව අවසන්වුයේ නැහැ.
මට සෑහෙන කනගාටුවක් ආවේ මිනිසුන්ට විපතක් වෙලා තිබියදී ඇයි මේ මිනිස්සු එකෙන් දෙශපාලන වාසි ගන්න හදන්නේ 😰😰😰



You Might Also Like

0 comments