Welcome to our website !

ගංවතුරේ අතුරු කතාවක්

By 12:32 AM

එක් පසෙකින් ඩයලොග් සිම් එකෙන් රුපියල් පනහක් පරිත්‍යාග කරනවුන්ය...... අනික් පසින් අවතැන් වුනු මිනිසුන්ට හච් එකෙන් දෙන රුපියල් විසිපහ තමන්ගේ පෝන් එකට දාගන්න උන්ය......
එක් පසෙකින් තම දිවා ආහාර වේල අවතැන් වූ ජනතාවට පුද්දෙන සිරකරුවෝය...... අනික් පසින් අවතැන් වූවන්ට ලැබෙන ආධාර මල්ලෙනුත් ගසාකන උන්ය.....
එක් පසෙකින් තමාට හැකි අයුරින් අවතැන්වූන්ට ආධාර ලබාදෙන මිනිසුන්ය..... අනික් පසින් ආධාර ලබාදිය හැකියැයි කියා බොරු නම්බර් සමඟ පෝස්ට් දමන වුන්ය......
එක් පසෙකින් අවතැන් වූ ජනතාව පිළිබඳ පෝස්ට් දමා දැනුවත් කරන උන්ය...... අනික් පසින් ගං වතුරින් බේරුණායැයි කියා මැටි පිළිමවල පොටෝ ශෙයාර් කරන උන්ය......
එක් පසෙකින් ජීවිත අවදානමේ හෙළා ජනතාවට සහන සළසන සහන සේවකයන්ය....... අනික් පසින් ගං වතුර බලා ආතල් ගන්නට පවුල් පිටින් වාහනවල එන උන්ය.....
එක් පසෙකින් ස්වෙච්චාවෙන් ඉදිරිපත් වී ජනතාවට සහන සලසන වුන්ය...... අනික් පසින් උන්ගේ වැරදි සොයනා කීබෝඩ් වීරයෝය......
එක් පසෙකින් නෑදෑ හිතවතුන් මියගිය දුකින් හඬාවැටෙන මිනිසුන්ය...... අනික් පසින් මළමිනීවල පොටෝ ශෙයාකර ලයික්, කමෙන්ට් සොයනා උන්ය......
එක් පසෙකින් ජාති, ආගම් භේද නොසළකා එකා මෙන් වැඩකරන මිනිසුන්ය...... අනික් පසින් 'ඔබේ ආධාර සිංහලයන්ට පමණක් ලබාදෙන්න' යැයි පෝස්ට් දමන උන්ය......
එක් පසෙකින් ලංකාවට විදේශ ආධාර එවන ඉන්දීය අගමැතිය...... අනික් පසින් ඇමෙරිකාවට විදේශ සංචාර යන ලංකාවේ අගමැතිය......
©Zachintha Promod Naotunna











You Might Also Like

0 comments