Welcome to our website !

ජීවිතේම පාරට වැටිලා

By 5:27 AM

එයාගේ නම සුනිල්.දැන් ඉන්නේ පාරේ.ජොප් එක සපත්තු මහන එක.මිනිහා පවුලේ බාලයා.අවුරුදු දහයේ ඉදලා සපත්තු මහනවා.හැබැයි කලින් මේට්ට කොට්ට උඩ සැපට බුදිය ගත්තා.එත් ඉතින් කුලියට ඉදලා තියෙන්නේ.සුනිල්ට අය්යලා අට දෙනෙක් ඉන්නවා.ලොකු එකා බීලම මළා.තව එකෙක් කැන්සර් එකක් හැදිලා පරලොව ගිහින්.අනික මහ එවුන්ටත් ඔන කමක් තිබිලා නැහැ.එකයි ළමයි පාරට වැටුනේ.සුනිල්ගේ තාත්තා අමු බෙබද්දා.බීලා ඇවිත් ගැනිට තඩි බානවා.පවුලට කෙළ වුනේ තාත්තා හින්දා.අතට හම්බෙන සල්ලි වලින් කසිප්පු වලට පුජා කරලා. එ පුරුද්ද ළමයින්ටත් ගියා.හම්බ කරපු දෙයක් නැහැ. දුක කියන්නෙ මිනිහ රාජ්‍ය සේවකයෙක්. මහ එවුන් මැරෙනකම්ම හිටියේ කුලි ගෙවල්වල.
මොලේ තිබ්බේ පවුලේ හතර වෙනියට විතරයි.මිනිහා වඩු කාර්මිකයෙක්.පවුලේ හොදින් ඉන්නේ එකා විතරයි.”මහ එවුන් එ කාලේ ඉඩකඩම් ගත්තා නම් අපි පාරට වැටෙන් නෑ.එත් කරුමෙ වලක් වන්න බැහැ මහත්තයා.” සුනිල් කියන්න ගත්තා. සපත්තු මහලා දවසට හත් අටසියක් ගන්නවා.එකෙන් තුන් වෙල සෙප් කරන් ඉතුරු ටිකේ අරක්කු බොනවා.වෙරිමර ගාතේ පේමන්ට් අයිනක් අල්ලන් බුදිය ගන්නවා.ආයේ උදේ නැගිටිලා මාකට් එකේ ලැට් එකට ගිහින් පහළ ලිදෙන් නා ගන්නවා.උදෙ වෙද්දි අතේ සත පහක් නැහැ. දහය එකොලහා වෙන කන් සපත්තු මහනවා.ඒ හම්බෙන සල්ලි වලින් උදෙට කන්නේ.බිඩි ලාබ හින්දා කොයි වෙලාවෙත් බිඩියක් කනේ තිබ්බා.මුළු ජිවිතේම පාරට වැටිලා.

You Might Also Like

0 comments