අම්මෙක් වුනු තාත්තා,වුනු බාප්පා
මේ මගේ පංතියෙ එකෙක් කිව්ව කතාවක්.
අම්මා කියන්නේ කවුද.තාත්තා කියන්නේ කවුද තාම මම දන්නැ.අනික
ගෙදර මඟුල් පොටෝ එකක් නැති හින්දා මං හිතුවේ දෙන්නා හඳ
පානේම පැනලා ඇවිත් කියලා.මං හැදුනේ බාප්පා ලඟ.මං ඉපදිලා
මාස හයයි කිරි බීලා තියෙන්නෙ. අම්මා මාව මඩමකට දාන්න හදන
කොට තමයි බාප්පා මාව හදා ගන්න අරන් තියෙන්නෙ. බාප්පා කසාද
බැදල නෑ.සමහර විට මං හින්දා වෙන්න ඇති තනිකඩ වෙන්න
ඇත්තේ.මොන ගැනිද කැමති වෙන්නෙ ළමයි ඉන්න පිරිමි
යෙකුට.හැබැයි කවුරුත් කියනවා මං බාප්පා වගේ කියලා.එහෙම
කියකොට හිතට දෙගිඩියාවක් එනවා.එත් කවුද තාත්තා කියලා මං
දැකලා නෑ.බාප්පා කියන විදිහට තාත්තා දලා ගියේ මාව හම්බෙලා
මාසෙකින්ලු.තාත්තා වෙන ගැනියෙක් එක්ක ගිහින්.අම්මා මට මාස
හයක් වෙද්දී රට ගිහින්.බාප්පා මාව හදා ගන්න ගොඩක් දුක් විදලා
තියනවා.බාප්පා මේසන් බාස් කෙනෙක්.වැඩට යද්දි අච්චි අම්මා ගාව
දාලා යන්නේ. මට හරක් කිරි පොවලා බාප්පා නැති වෙලාවට ආච්චි
අම්මා පිහිට වෙලා තියනවා.මට අවුරුදු තුනක් වෙන කොට ආච්චි
අම්මත් පපුවේ අමාරුවකින් නැති වෙලා.ඊට පස්සෙ බප්පා ගොඩක්
තනි වෙලා.බාප්පා රස්සාවත් එක්ක මාව හාදා ගන්න ගොඩක් දුක්
විදලා.සමහර දවස් වලට වැඩ කරන තැන් තැන් වලට අරන් ගිහින්
වැඩ කරලා කුලිය හොයන් තියෙන්නෙ.පොඩි කාලේ ඉදලම බාප්පට
කතා කලේ මං තාත්තා කියලා.එයාට කිරි විතරයි එරුන්
නැත්තේ.හිටපු නොතේරෙන පොඩි එකා දැන් ලොකු වෙලා. ස්කොලෙ
ගියේ ගේ මිදුල අතු ගලා තාත්තටත් එක්ක උයලා මාත් බත් පැකට්
එකක් අරන් යනවා.මට අවුරුදු දහයක් වෙද්දි හොදට උයන්න
පුළුවන්.තාත්තා මට කවදාවත් බැනලා ගහලා නෑ.මං එහෙම වැරදි
වැඩක් කරලා නෑ.තාත්තා තාමත් දුක් විදිනවා මං හින්දා.සිමෙන්ති
වලට කකුල් පැලිලා , සුදු පාට වෙලා. එ වෙලාවට ලගට ගිහින් කකුල්
අතපය වල පොල්තෙල් ගානවා.එ වෙලාවට කියන්නේ
“මගේ රත්තරං පුතේ හොදට ඉගෙන ගනින්.”මාව තුරුලු කරන් නිදා
ගන්නවා.මටත් තාත්තගෙන් තොර ලෝකයක් තිබුන් නෑ.අම්මා අවුරුදු
දාසයකට පස්සේ ලංකාවට ආවා.එත් මගේ මුහුණවත් බැලුවේ
නැහැ.එ උනත් අම්මේ කෙනෙක් නැති උනාට “තාත්තෙ” කියන්න
රත්තරං තාත්තා කෙනෙක් හිටියා.එ ඇත්තටම මගේ තාත්තා.බාප්පයි,
මාව දාල ගිය අම්මයි අතර එකතුවක උත්තරයක් තමයි මගේ
ඉපදීම.එක මං පස්සෙ දැන ගත්තා.අම්මගේ නැති දරු කැක්කුම
තාත්තා ලඟ තිබුණා.කසාද තාත්තා, අම්මව දළා යන්න ඇත්තේ මේ
හේතුව වෙන්න ඇති.එත් මට දැන් ගොඩාක් දෙවල් තේරෙන
කාලේ.මගේ කරුමෙට ඉගෙන ගන්න බැරි වුනා.සා.පෙළ ඉහළින්ම
පේල් උනා.මං ඉගෙන ගන්නත් ආසාවක් තිබුන් නෑ.මං ආමි එකට
යන්න තීරණය කළා.යුද්දෙ තිබුනු නිසා තාත්තා කැමති උනේ නෑ.එත්
පස්සේ කැමති උනා.මං රට වෙනුවෙන් යුද්ද කළා.ඊට පස්සෙ ආමි
එකෙන් අයින් උනා.එකතු කරන් හිටපු සල්ලි වලින් පොඩි කඩයක්
දැම්මා.බාප්පා නොහොත් රත්තරං තාත්තාත් උදව් කළා.ජිවත් වෙන්න
එ හොදටම ඇති.අහාම්බෙන් වගේ රත්තරං කෙලෙක් හම්බුනා.මට
පණ වගේ ආදරෙයි.මොකද එයාටත් අම්මයි තාත්තයි නැහැ.ලගදි
බදිනවා. අපි දෙන්නටම අම්මයි තාත්තයි උනේ මගේ බාප්පා උන
රත්තරං තාත්තා.මට අවුරුදු දැන් අවුරුදු විසි හයයි.එත් මට දුක
අම්මා දැන්බැදලා ඉන්නෙ
……………………………………………………..මගේ
පන්තියේ යාළුවෙක්ව.
By Chin

0 comments