දසුන්ගේ තිත්තම තිත්ත ඇත්තම කතාව..මිතුරෙකු හෙලි කරයි
දසුන්ගේ මරනයේ අභිරහස මිතුරෙකු හෙලිකරයි
දසුන් මියයන්න ප්‍රදානම හේතුව බිරිඳගෙන් වෙන්වෙන්න මුදල් නැති නිසා සහා නිළිය ඔහුව අතාරපු නිසා මෙන්න ඔහුගේ යාලුවා හා එම නිළිය කියන කතාව
දසුන් ගේ නම්බුව බිරිඳ රැක්කත් දසුන් බිරිඳවත් දාලා යන්නම ගියා අවසානයේ කිසි දෙයක් නොකළ ඇය තනිවුනා
දසුන් පසු ගිය කාලයේ ආදරය කළ ජනප්‍රිය නිළිය හා දසුන්ගේ ළගම මිත්‍රයෙක් කිව්වේ මෙහෙම කතාවක්..
ඇත්තටම දසුන් පසුගිය කාලයේම හිටියේ මානසික පීඩනයෙන්. ඔහු ළගින් හිටි කෙනෙක් හැටියට හිත හදා ගන්න අපිත් උදව් කළා. නමුත් දරා ගන්න බැරි වුණු තැන ජිවිතේ දාලා යන්න තීරණය කරන්න ඇති. අපි නම් හිතුවේ නැහැ එයා මෙහෙම කරයි කියලා. දසුන් මිය ගියාට පස්සේ බොහෝ දෙනා විවිධ දේ කියනවා. ඇත්ත එයා ජනප්‍රිය නිළියක් එක්ක සම්බන්ධයක් තිබුණා. නමුත් එයා නිසා දසුන් ජිවිතයට හානි කරගත්තා කියන්න බැහැ. මොකද දසුන් විවාහ වෙලා හිටියා කියලා ඔය කියන නිළිය මුලින් දන්නේ නැහැ. ඇය සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තේ ලොකු උත්සහයකින් පසුවයි.
ඒ බව ළගින් හිටි අපි දන්නවා. ඔහු වරදක් කරනවා. ඒ ඇයට මොහු විවාහකයෙක් කියන ඒක සෑහෙන කාලයක් වසන් කිරීම. ඒ ආදරේට වෙන්න ඇති ඒ වගේම ඇයගේ ආදරේ ලබා ගත්තේ බොහෝම අමාරුවෙන් නිසා ඒ ආදරේ රැකගන්න වෙන්න ඇති. පසුව මේ නිළිය දැන ගන්නවා ඔහු විවාහ වෙලා කියලා. ඒ වෙනකොට දසුන්ගේ හා නිළියගේ ප්‍රේමය ස්ථිර ප්‍රේමයක් වෙලා. ඒත් ඇය ඔහුට කිව්වා “ඔයා මේ ප්‍රශ්නේ විසදාගෙන එනකල් මම අයින් වෙලා ඉන්නම්..”කියලා. ඒ වගේම දසුන් ඇය ගැන විවාහක බිරිදටත් කියලා තිබුණා. දසුන් කියන්නේ මත්පැන් වලට ලොල් වෙලා හිටපු කෙනෙක්.
නිළිය තමයි ඒ ඇබ්බැහි වීමෙන් ඉවත් කරගත්තේ. නිළිය අවසානයට ඔහුට කිව්වා ඇයගේ ආදරේ අවශ්‍යයි නම් ඒ දේවල් වලින් අයින් වෙන්න කියලා. ඇයට තිබුණු ආදරේ නිසාම අපි මත්පැන් පානය කරන්න කතා කළත් ඔහු ආවේ නැහැ. බැහැ එයාට පොරොන්දු වුණා කියලා මග හැරියා. මේ විදිහට ඉන්නකොට තමයි ප්‍රශ්න මතු වුණේ. එතකොට නිළිය ඔහුගේ හිත හැදුවා. දසුන්ට ඇයගෙන් ඉවත්වෙලා ඉන්න බැරි වුණා. විවාහක බිරිද මුලින් කිව්වා දික්කසාදය දෙන්න බැහැ කියලා. ඒ වගේම දසුන් එක්ක ජිවත් වෙන්න එන්න බැහැ කියලත් කිව්වා. ප්‍රශ්න වැඩි වෙද්දී නිළිය ඉවත් වෙන්න හිතුවා.
ඒත් ඒ දේ කළේ නැහැ දසුන්ට ප්‍රශ්ණයක් වෙයි කියලා.ඒත් එක්කම ඔහුගේ බිරිද කියලා තිබුණා ඩිවෝස් එක දෙන්නම් නමුත් වන්දි මුදල් විදිහට ලක්ෂ ගණනක් ඕන කියලා. දසුන් හිටියේ ලක්ෂ ගාණක් හොයා ගන්නේ කොහොමද කියලා. දසුන් හා ඇය අතර ලොකු කාලයක් ප්‍රේම සම්බන්ධය තිබුණු නිසා ඔහු ඇයට ඉගෙන ගන්න පවා වියදම් කළේ දසුන් කියලා අපට දසුන් කියලා තිබුණා. කොහොම නමුත් ඔහු හදුනන නීතිඥවරයෙක් එක්ක දික්කසාදය ගැන කතා කරලා තිබුණා. නීතිඥවරයා මොහුට කිව්වෙත් කලබල නොවී ඉන්න කියලයි. අන්තිමට දසුන් ප්‍රශ්න ඉතුරු කරලා ජිවිතේ හානි කරගෙන විසදුම තනියම හොයාගෙන යන්නම ගියා…”
එමෙන්ම දසුන්ගේ මව කියන්නේ දසුන් හා නිළියගේ සම්බන්ධයට මව අකමැති වූ බවත් ඔහුට ඒ සම්බන්ධයෙන් ආදරයෙන් අවවාද දුන් බවයි. දසුන්ගේ විවාහක බිරිද කියන්නේ
” මගෙයි දසුන්ගෙයි ආදරේ වර්ෂ 13ක් වෙනවා. අපි දෙමාපිය ආශිර්වාදය මත තමයි විවාහ වුණේ..පසුව දසුන් නිළියක් එක්ක සම්බන්ධයක් තිබෙන බව ඔහුගෙන්ම දැනගන්න ලැබුණා.ඇයත් මාත් එක්ක කතා කළා. ඇයට දසුන්ව අවශ්‍ය බවත් ජිවත් වෙන්නේ ඇය දසුන් සමග බවත් කිව්වා. මම එයාට ගොඩක් ආදරේ කළ නිසා විවාහ ජිවිතේ රැකගන්න උත්සහ කළා.
0 comments