Welcome to our website !

ඇට බෝල ගේම්

By 9:51 AM

වැඩිපුරම බස් කතා සෙට් වෙන්නේ නුගේගොඩයි මහරගමයි අතරනෙ.මං වාඩිවෙලා උන්නේ බස් එකේ පිටිපස්සේ සීට් එකට ටිකක් විතර ඉස්සරහට වෙන්න.
දන්නවනෙ ඉතිං මම යන විදිහ.කැල්ලක් බල බල සිංදුවකුත් අහගෙන.. ඇති නේ?
ඉතිං සීට් එකේ කොල්ලො දෙන්නෙක් බර කතාවක.මාත් වොලියුම් එහෙම අඩු කරල අහං හිටිය හිටං.

සීට් තුනේ බස් එකක්නෙ.අයිනෙම හිටියෙ සුදු චූටි කෙල්ලෙක්.මම දැකල තියෙනව ඒකිව ඕන තරම් දෙල්කඳින් තමයි බස් එකට නගින්නෙ.කෙල්ල ගේම් ගහනව දැක්කෙ පිටිපස්ස හැරිල රබර් ඇහැ දාල බලද්දී.කොල්ලො දෙන්නගේ අනිත් සෙට් එකත්  බස් එකට නැග්ගා.එකම කෑගැහිල්ලක්.එහා කොනට ඇහෙනව සද්දෙ.කෙල්ල ගහන්නෙ ඇට බෝල ගේමලු.අර එකම පාට බෝල ඇල්ලුවම ඇට පුපුරන්නෙ. ආන්න ඒක.ටික වේලාවක්යනකොට දැනගත්තෙ කෙල්ලත් අර සෙට් එකේම එකෙක්.කෙල්ල නෙළුම් පොකුණ ගාවින් බැහැල ගියා.ඔන්න දැන් කොල්ලො දෙන්න ඉතුරුවෙනවා.
"මචං උඹ ආපහු ඒකිට ෆෝන් එක දෙන්න එපා බං"
අනික ඩිම් වුනා"ඒ මොකෝ බං"
එතකොට ඒකි මාත් එක්ක කතා කරන්නෙ නෑනෙ බං

ඉතිං?????

You Might Also Like

0 comments