Welcome to our website !

ආච්චිට හාල් ගරන්න

By 8:40 AM

.ගං සභා හන්දියෙන් නැග්ග කෑලි දෙක බල බල මම ආතල් එකේ ඉන්නකොට කවුදෝ හෙනහුරෙක් ඇවිත් උන්දෙන්නව කවර් කරගත්තා.ඕන රෙද්දක් කියල මමත් ෆෝන් එක  අරං එෆ් බී යනකොට තිබුනා පොස්ට් එකක් පාරෙ ආච්චි කෙනෙක් දාලා ගිහිල්ලා.පුතා ලොකු ලොක්කෙක්ලු.එතකොටම නුගේගොඩදී  මට මතක් වුනේ කොහුවල හංදියේ හිඟා කන ගොලු ආච්චි ගැන.
ඒ ආච්චි වැඳ වැඳ උදේ ඉඳන් හවස් වෙනකන් රුපියලක් දෙකක් හොයාගන්න මහන්සි වෙනවා.අනේක දුක් විඳිනවා.
දරුවෝ සලකන්න නැතුව ඇති.නැතිනම් දරුවන්ව ජීවත් කරවන්න ඕන ඇති.කාත් කවුරුවත් නැතුවත් ඇති.ලොකු ලොකු  නෝනල මහත්තුරු ඇවිත් කීය කීය හරි දීල යනවා.කලබලේට නොබල යන අයත් නැතුව නෙමෙයි.
දවසක් මට කෙලෙක්ව සෙට් වුනා,"ඒ ආච්චි ගොළු නෑලු බොරුලු කරන්නේ.මම දැකල තියෙනවනෙ කතා කරනවා.දන්නවද ඒ ආච්චිව උදේට වෑන් එකක් ඇවිත් ගෙනත් දානවලු.හවසට ආපහු එක්කන් යනවලු."
"ආච්චිට හාල් ගරන්න.මට කියවුනා.


You Might Also Like

0 comments