සන්නගේ සෝබෝන් එක
සන්නා තැප්‍රෝබේනියන් කියලා ක්ලාස් එකක් පටන් අරන් එකේ ඇඩ් කෑල්ලක් දැක්කම අතීතය සිහියට ආවා.සන්නගේ ක්ලාස් එක අපිට තිබ්බේ ගම්පහ සෝබෝන් එකේ.අපි තමයි සෝබෝන් එකේ අන්තිම සන්නගේ බැජ් එක.ඔය සෝබෝන් එකේ සන්නගේ ක්ලාස් එක තිබ්බේ හරියටම දැන් ඔය ගම්පහ පාළම මිනුවන්ගොඩ පැත්තට බානකොට තියන හරියේ.ඒ කියන්නේ පාරේ මැද(දැන් සිතියම අනුව).සන්නට වෙනම ක්ලාස් එකක් තිබ්බා වෙන් කරලා.ඒක හරියට වෙසක් එකට පෙන්නන හොල්මන් මන්දිරේ වගේ.ළමයින්ට සන්නව පෙනුනට,සන්නට කවදාවත් ළමයි පෙන්නේ නෑ.දැක්කත් ඒ ඉස්සරහා පේළියේ උන් විතරයි.පිටි පස්ස කට්ට කළුවරයි.තහඩු වහලේ. සන්නගේ ක්ලාස් එක 10.30ට පටන් ගන්නවා.
11 වෙනකොට තහඩු රත් වෙනවා.ගින්දර වගේ රස්නයක් ඔළුවට ගහනවා.ඉන්න බෑ.ෆෑන් තිබ්බා.ඒත් ෆෑන් කළේ උඩ තිබ්බ රස්නේ පල්ලෙහාට ගෙනාපු එක.වහිනකොට ක්ලාස් එකේ වතුර පාරවල්.හුජ්ජ කරලා වගේ.ක්ලාස් එකේ බොන්න තිබ්බේ සෝබෝන් එකේ වත්තේ කපපු ළිඳක වතුර.ඕකේ මදුරු පනුවොයි,පනුවොයි,කාක් බෙටියි හොඳට.ඒත් දුර ඉඳලා එන කොල්ලෝ කෙල්ලෝ බිව්වා.මට මතකයි සන්නා ඕකට සෝබෝන් එකේ අයිතිකාරයා එක්ක වලියක් දාගත්තා.ඔය වලිය කෙලවර වුණේ සන්නා ඇතුළු ටීම් එකම නැණික් එකට ගිහිල්ලා,සෝබෝන් එක සන්නා නැතුව නන්නත්තාර වුණා.බලා ඉන්නකොට කඩා වැටුණා.පාලම එනකොට මම දැක්කා අර අපි ඉගෙන ගත්ත සන්නගේ ක්ලාස් එක කඩලා සමතලා කරණවා. අද සෝබෝන් එකක් නෑ.සන්නා ගම්පහත් නෑ.ඒත් සෝබෝන් එකට හෙවන දුන්නු උණ පඳුරු ටික තවමත් අතීතයේ දෝංකාර උරාගෙන පාලම දිහා බලන් ඉන්නවා අතීතයේ හැම දෙයක්ම මතක තබාගෙන.
තැප්‍රෝබේනියන් එකට සුබ පැතුම් සර්!!!
-ගයාන් ගාල්ලගේ-

0 comments