Welcome to our website !

සතුටු වෙන සෙල්ලම කරමුද?

By 6:24 AM


දුකේ තියන සතුට ගැන ඔයා කවද හරි හිතල තියෙනවද..මං නම් හිතන්නෙ ගොඩක් අය දන්නව දුකේ තියන අසරණකම.ඒත් හිතන්න අමාරු ඇත්ත ඔයාට දුක නොදැනුනානම් ඔයා සතුටෙ තියන වටිනාකම නොදැන ඉන්න තිබුණා...ඒම කියද්දිම හිතුණ නේද දුකක් නැත්නම් සතුටින්ම ඉන්න තිබුණ නේද කියල.. ඒකත් ඇත්ත. ඒ උණාට මේ සතුටු වෙන සෙල්ලමනෙ. ඔයාගෙ ජීවිතේ මොන දේ උණත් ඒ හැමදේම වෙන්නේ ඔයා තේරුම් නොගත්තු දෙයක් තේරුම් කරන්න.ඔයා ඒ දේවල් දරන්න දරන්න ඔයාට තව දේවල් දරන්න වෙනව.game එකක් උණත් ඉස්සරහට යන්න යන්න අමාරුයි.පරදින්න පරදින්න ආයෙ ආයෙ සෙල්ලම් කරන්න වෙනව. ඕනි නම් අතාරින්න පුළුවන්.ඒත් ඒකට කැමති නම් ඔයා කවදාවත් ඒම අතාරින්නෙ නැහැ.ඒ වගේම ජීවිතයට ආදරේ වෙන්න මුලින්ම.එතකොට කවදාවත් ජීවිතෙන් පැනල යන්නෙ නෑ ඔයා..ජීවිතේ එන හැම කරදරේම හොඳක් හොයන්න...
ඒක මං මුලින්ම දැක්කෙ කතා පොතකින්...දරාගන්න...ඒක ඔයාව ශක්තිමත් කරනවමයි...
ඇත්තටම මාත් හිතනවා ...මගේ ජීවිතේ මට සෙල්ලමක්... ඒත් කාගෙවත් ජීවිතයක් සෙල්ලමක් කරගන්න එපා..
heart creations

You Might Also Like

0 comments